Sunday, September 8, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක් 




ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා 

වෙඩි තැබීම හේතුවෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කන අසල තුවාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනේ 

වෙඩි ප්‍රහාරය කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණ අතර ඊට පෙර මෙම වෙඩික්කරු වෙඩි ප්‍රහාර 8ක් එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙක් වන අතර ඔහුගේ ඡායාරූපය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය විසින් නිකුත් කර තිබෙනවා.

ඔහු AR-15 වර්ගයේ රයිෆලයකින් වෙඩි තබා ඇති බවත් ගිනි අවිය 2013 වසරේදී සැකකරුගේ පියා විසින් නීත්‍යානුකූලව මිල දී ගෙන ඇති බ්වාද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තවද ට්‍රම්ප් කතා කරන ස්ථානයේ සිට අඩි 400 ක් පමණ දුරින් පිහිටි කෘෂිකාර්මික ගොඩනැගිල්ලක වහලය මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.