Sunday, September 8, 2024

General line - 0115112241

ගාල්ල කණ්ඩායම පැරදූ කොළඹ කණ්ඩායමට කඩුලු 07ක පහසු ජයක්




ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් ගාල්ල මාවලස් කණ්ඩායම පරදවා කොළොම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 07ක පහසු ජයක් ලබා ගැනීමට සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල මාවලස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් තුළදී සියලුදෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 138ක් පමණයි.

ගාල්ල මාවලස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 15ක් තුළදී හයේ පහරවල් 04ක් එල්ල කරමින් වේගවත් ලකුණු 35ක් රැස්කළා. සහන් ආරච්චිගේ ලකුණු 12ක් ලබාගත් අතර ජනිත් ලියනගේ ලකුණු 13ක් ලබාගත්තා.

කොළොම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 20ට කඩුලු 04ක් බිඳහෙලූ අතර දුනිත් වෙල්ලාලගේ කඩුලු 02ක් බිඳ හෙලුවා.

ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොළොම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02ක් තුළදී කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.