Thursday, October 31, 2024

General line - 0115112241

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනය ගැන පොලිසියෙන් පුළුල් පරීක්ෂණයක්




අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ පාතාල ක්‍රියාකාරකමක් මත වෙඩි ප්‍රහාරය සිදු වූයේදැයි මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවයි.

ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ මිය ගිය පුද්ගලයා, කොස්ගොඩ සුජී නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන දසුන් මානවඩුගේ නමැත්තාගේ හිතවතෙකු බවටද වාර්තා වන බවයි.

මෙම වෙඩි තැබීම අහුන්ගල්ල ලොකු පැටීගේ පාර්ශවයෙන් සිදු වන්නට ඇති බවටයි වාර්තා වන්නේ. 

මෙලෙස ඝාතනයට ලක් වූයේ 41 හැවිරිදි කන්දමාවත ප්‍රදේශයේම පදිංචි ධම්මික නිරෝෂන නමැති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඔහු ‘ජොන්ටි’ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන බවයි වාර්තා වන්නේ.

ඔහු 2002 වසරේදී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර තිබෙනවා.