Sunday, September 8, 2024

General line - 0115112241

ලොව පුරා ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි




ලොව පුරා රටවල් රැසක ප්‍රධාන බැංකු, ගුවන් තොටුපළ, රෝහල් මාධ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක සේවා කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී  තිබෙනවා.

ඒ, අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.

ඒ අනුව ලොව පුරා ගුවන් ගමන් 1,400 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ හේතුවෙන් අමෙරිකාවේ ප්‍රධාන ගුවන් සමාගම්වන ඩෙල්ටා, යුනයිටඩ් සහ ඇමරිකන් එයාර්ලයින්ස් ඇතුළු ගුවන් සමාගම් කිහිපයක ගුවන් ගමන් නතර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ සිඩ්නි ගුවන් තොටුපලේ ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දැමූ බවයි.

දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඉන්දීය ගුවන් සමාගම් හයක් ද තාක්ෂණික බිදවැටීමට ලක් වී තිබෙනවා.

ජර්මනියේ බර්ලින් ගුවන් තොටුපළ සහ ස්පාඤ්ඤයේ ගුවන්තොටුපළ වලද තාවකාලිකව ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම එක්සත් රාජධානියේ දුම්රිය සමාගම් බලපෑමට ලක්ව ඇති බවද සඳහන්.

මෙම තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ හදිසි සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවට එරට රජය පවසනවා.

ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් මයික්‍රොසොෆ්ට් සමාගම පැවසුවේ මෙම හදිසි තාක්ෂණික බිදවැටීමට හේතුව හදුනාගෙන  ඇති බවයි.

එම සමාගම මීට පෙර පැවසුවේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුළත් පරිගණකවල සයිබර් ආරක්ෂණය සදහා ඇති  මෘදුකාංගය යාවත්කාලීන කිරීමක් අතරතුර ඇති වූ දෝෂයක් මෙම බිදවැටීම සදහා බලපා ඇති බවයි.