Saturday, January 11, 2025

General line - 0115112241

පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති හා රටේ ණයත් ගෙවිය හැකි කෙනෙක් -නාමල් රාජපක්ෂ 




ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදීය

සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ  රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයකු බවත් නාමල් රාජපක්ෂ එහිදී පවසා සිටියා.

තවද අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවත් නාමල් රාජපක්ෂ පැවසුවේ.

එසේම තමාද පක්ෂයට  එවැන්නක් දැනුම්දී නැතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.