Sunday, September 8, 2024

General line - 0115112241

බංග්ලාදේශ ප්‍රචණ්ඩ විරෝධතා  හමුවේ ඉන්දියානු සිසුන් නැවත මවු රටට 




බංග්ලාදේශයේ උත්සන්න වන නොසන්සුන්තාව මධ්‍යයේ එහි රැඳී සිටින විදෙස් සිසු සිසුවියන් නැවත මවු රට බලා පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඉන්දියානු සිසුන් 300කට අධික පිරිසක් පැමිණ තිබෙන බවයි වාර්තා කරන්නේ.
 
ආන්දෝලනාත්මක රජයේ රැකියා සඳහා වෙන්කිරීම් නැවත හඳුන්වාදීම සම්බන්ධයෙන් රට පුරා විරෝධතා උත්සන්න වීමත් සමග රට පුරා විශ්ව විද්‍යාල වසා දැමීමට රජය තීරණය කරතිබූ අතර මේ වන විට රට පුරා ඇඳිරිනීතිය කිරියාත්මක වෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව නැවත ඉන්දියාවට පැමිණි බොහෝ සිසුන් MBBS උපාධි හදාරමින් සිටි අය වන අතර රට තුළ ඉන්දියානුවන් 15,000 ක් පමණ වෙසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ විරෝධතා තත්ත්වය  ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් රට තුළ වෙසෙන ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන බවයි.