Friday, October 18, 2024

General line - 0115112241

හයිටි බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයන්  40 දෙනෙකු මියයයි




හයිටි ප්‍රදේශයේ බෝට්ටුවක් ගිනි ගැනීමෙන්  එහි සිටි සංක්‍රමණිකයන් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ හයිටි වෙරළාරක්ෂක බලකාය විසින් තවත් පුද්ගලයන 41 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි.

ඔවුන්ගෙන් පුද්ගලයන් 11දෙනෙකු  පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

හයිටියේ සංක්‍රමණ පිළිබඳ ජාතික කාර්යාලය පවසන්නේ ටර්ක්ස් සහ කයිකෝස් යන දූපත් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

දුප්පත්කමින්, අවනීතියෙන් සහ  කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සෑම වසරකම දස දහස් ගණන් ජනයා හයිටියෙන් පලා යන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.