Sunday, September 8, 2024

General line - 0115112241

ස්විස්ටර් ලන්ත කාන්තාවකගේ අස්ථාන ගත ජංගම දුරකථනය සොයා නැවත බාරදුන් බස් රථ රියදුරෙක්

දඹුල්ල කාංචන කුමාර ආරියදාස




රංගිරි දඹුලු රජමහා  විහාරය නැරඹීමට පැමිණි  ස්විස්ටර් ලන්තයේ කාන්තාවකගේ අස්ථාන ගත ජංගම දුරකථනය සොයා නැවත බාරදුන් බස් රථ රියදුරෙකු පිළිබඳව වාර්තා වෙනවා 

මෙම අපූරු සත් ක්‍රියාව සිදුකරනු ලැබ ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ආ  කුලියාපිටිය  ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි වජිර ජයමුණි  නැමති රියදුරුකි.

විදේශීය කාන්තාව රංගිරි දඹුලු රජමහා විහාරයට අයත් උයන්වත්ත පුරාණ රාජමහා  විහාරයේ රථ ගාල  ආසන්නේ බැම්මක් මත වාඩිවී සිට නැවත ඇය නැවතී සිටි හෝටලයට ගොස් තිබෙනවා.

පසුව ඇය තම ජංගම දුරකථනය අතුරුදන් වී ඇති බව හෝටල් හිමියාට පවසා ඇති අතර තමන්ට තම  ජංගම දුරකථනයේ අංකය ද මතක නැති බවද පවසා තිබෙනවා.

තමන්ට තම  ජංගම දුරකථනයේ අංකය ද මතක නැති බව පැවසීමත් සමඟ හෝටල් හිමිකරු විසින් පොතක ඇයගේ ජංගම දුරකථන අංකය සටහන් කොට තිබීම නිසා එම අංකයට ඇමතුමක් ලබාගෙන ඇත .

එම ඇමතුම ලබා ගන්නවත් සමඟ ජංගම දුරකථනය  සොයාගත් රියැදුරු මහතා ඇමතුම  ලබා ගන්නවත් සමඟ දුරකථනය විසන්දි වී ඇත . 

එම රියදුරුගේ දුරකථනයෙන් ලැබුණු ඇමතුම් අංකයට නැවත ඇමතුමක් ලබාගෙන තමන් සිටින ස්ථානය පිළිබඳව දැනුම් දී සංචාරක හෝටල් හිමියා ද සමඟින් මෙම කාන්තාව  රථ ගාලට ගෙන්වා දුරකථනය හිමි කාරිනියට ලබාදීම සිදු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ..

රියදුරු  කියා සිටියේ තමන් පැමිණි නඩය දඹුලු විහාරය වැඳීම සඳහා පිටත් කොට බස් රථය ආසන්නයේ රැඳී සිටි බවය,  බැම්මක් මත ජංගම දුරකථනය දැක එහි හිමිකරුවෙකු සෙවීම සිදුකළ බවද කීවේය, 

මෙම විදේශීය කාන්තාව දැඩි ලෙස සතුටට පත්ව කියා සිටියේ තමන් පළමුවරට ලංකාවට පැමිණි බවත් තම ජංගම දුරකථනය නොමැති වීම පිළිබඳව අපහසුතාවයට පත් වූ බවත් කෙසේ වෙතත් ලංකාවේ ජනතාව ඉතා හොඳ ජනතාවක් බවත් ඇය ඉතා සතුටු වන බවද සඳහන් කර තිබෙනවා.