Sunday, September 8, 2024

General line - 0115112241

අහස උසට යන පකිස්තානයේ ණය බර




2027 වන විට ෆෙඩරල් අයවැයේ පළාත්වල කොටස සියයට 39.4 සිට සියයට 48.7 දක්වා වැඩි කිරීම අරමුණු කරගත් තෙවසරක ආර්ථික සැලැස්මක් ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන රජය එළිදක්වා තිබෙනවා.

ඒ අනුව වත්මන් මූල්‍ය වර්ෂය අවසන් වන විට මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 79,731 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙම සැලැස්ම රටේ ණය බර ද ඉස්මතු කරයි.

දේශීය ණය දළ වශයෙන් රුපියල් බිලියන 7,671 කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර විදේශ ණය රුපියල් බිලියන 818 කින් ඉහළ යනු ඇති.

නැවත මූල්‍යකරණය සහ පොලී අනුපාත අවදානම් කළමනාකරණය ඇතුළුව ණය බර අඩු කිරීමට කටයුතු කරන බව පකිස්ථාන රජය ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එරට මාධ්‍ය වාර්තා කරන ලද පරිදි, ජාතික මූල්‍ය කොමිෂන් සභාව යටතේ 2026-27 මූල්‍ය වර්ෂය වන විට පළාත්වලට පකිස්ථාන රුපියල් බිලියන 10,350 ලැබෙනු ඇති.

2025-26 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 8,921ක් සහ 2026-27 වන විට රුපියල් බිලියන 10,350ක් සමඟින් පළාත්වලට මුදල් වෙන්කිරීමේ වැඩිවීමක් මෙයින් පෙන්නුම් කෙරේ.