Sunday, September 8, 2024

General line - 0115112241

කැබිනට් රැස්වීමේදී කතා කළ දේ




පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ  ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම⁣ට අද (24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සවස පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩල ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කෙරිණි.

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ අද  පස්වරුවේ බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය විය.

ඒ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය  විය.