Sunday, September 8, 2024

General line - 0115112241

දේශබන්දුට දුන් තීන්දුවෙන් ජනපතිවරණයට බලපෑමක් නෑ - මැතිවරණ කොමිසම කියයි

උදය කුමාර




දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරණය පැවැත්වීමට බලපෑමක් සිදු නොකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි. 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කළේ මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයකු නම් කිරීමට පියවර ගන්නා ලෙසයි. 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඇතුළු පාර්ශව කරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටියේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නීත්‍යානුකූලව අනුමත කර නොමැති බවයි.