Friday, October 18, 2024

General line - 0115112241

සමරිසි පනත් කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ විරෝධයක්




යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

එහි දැක්වෙන්නේ යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බවයි. 

සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බවයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ.

මෙවැනි පටු අරමුණු සහිත පනත් කෙටුම්පතක් සම්මත කිරීම පවුල් සංස්ථාවන් බිඳ දැමීමට මෙන්ම සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතාවක් නිර්මාණය වීමට හේතු වන බව මහ නා හිමිවරුන්ගේ අදහසයි.

එහි අතුරු ඵලයක් ලෙස සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක් වන බවයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ.