Sunday, September 8, 2024

General line - 0115112241

විද්‍යුත් වීසා ක්‍රමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

උදය කුමාර




ගුවන්තොටුපොල ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍යවරුන් වූ පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින්. විද්‍යුත් වීසා ක්‍රමවේද හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු බාහිර පාර්ශවයන්ට හෙළි වීමේ අවදානමක් ඇති බවත් එමඟින් රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවත් පෙත්සම්කරුවන් අනතුරු අඟවා සිටිනවා.

මේ තුළින් මෙරට ජනතාවට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ.