Sunday, September 8, 2024

General line - 0115112241

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට පළමු වරට ජනපති ජනතාව හමුවේ ප්‍රකාශ කරයි




තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට අද ප්‍රකාශ කළා.

ඒ, ගාල්ල ප්‍රදේශයේ පැවති “එක්ව ජයගමු” ගාල්ල දිස්ත්‍රික් ජන හමුව අමතමින්.

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කළ බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

තමන් කිසිදිනෙක අභියෝග හමුවේ පලා නොගිය බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ.

රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එහිදී ප්‍රතිඥාවක්ද ලබාදුන්නා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේද එහිදී අදහස් පළ කළා.

මේ, එම ජන රැලිය ඇමතූ අමාත්‍ය මනූෂ නානායක්කාර.

මේ අතර සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහය පළකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙහිදී අද එක් වුණා.