Sunday, September 8, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සහය රනිල්ට ගන්න සුසිල් සහ සාගල මහින්ද සමඟ සාකච්ඡාවක




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතර අද හමුවක් සිදුව තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසේදීයි.

එම නිවසට පැමිණි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන සඳුදා පක්ෂයේ දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කර සිය තීන්දුව දැනුම් දෙන බවයි.