Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රිලනිපයේ සහය කාටද? 

එන් ඒ ඩබ් නිරෝෂන්




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ තරඟ කරන බව එම පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් විවිධ පාර්ශව එල්ල කරන චෝදනාවලට අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්වුවා. 

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙනු ලබන්නේ කුමන ජනාධිපති අපේක්ෂකයෙකුට දැයි මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.