Sunday, September 8, 2024

General line - 0115112241

වෝඩ් පෙදෙසේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට




කොළඹ, වෝඩ් පෙදෙසේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

එම ත්‍රීරෝද රථ රියදුරාගේ ජංගම දුරකථනය කොල්ලකෑම සඳහා ඔහු ඝාතනය කළ බවට පොලිසිය සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වී තිබෙනවා.

තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී  සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනවිල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.