Thursday, October 31, 2024

General line - 0115112241

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ




මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා.

එහිදී අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය මත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙලෙස ගැසට් කර තිබෙනවා.   

කෙසේවෙතත් ගෙන ඒමට නියමිත මෙම පනත් කෙටුම්පතට එරෙහිව ඇතැම් පාර්ශව විවිධ අදහස් පළ කළා.

ඊට ප්‍රතිචාර දක්වමින්  ආණ්ඩුව කියා සිටියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ සමස්ත පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් ඔවුන්ට රැකවරණයද හිමිවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පසුගියදා ප්‍රකාශ කළා.