Wednesday, January 15, 2025

General line - 0115112241

රුසියානු සබ්මැරීනයකට ප්‍රහාරයක්




රුසියානු ක්‍රිමියා අර්ධද්වීපයේ වරායක නැංගුරම් දමා තිබූ රුසියානු සබ්මැරීනයක් විනාශ කර තිබෙනවා.

2014 දී දියත් කරන ලද මෙම ප්‍රහාරක සබ්මැරීනය "රොස්ටොව් ඔන් ඩොන්ස් " ලෙස නම්කර තිබෙනවා.

සෙවාස්ටොපෝල් වරාය නගරයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් රුසියානු සබ්මැරීනය ගිලී ගිය බවයි නිවේදනයක් නිකුත් කරමින්  යුක්රේන හමුදාව සඳහන් කර ඇත්තේ.

කෲස් මිසයිල දියත් කළ හැකි මෙම සබ්මැරීනය රුසියාවේ කළු මුහුදේ බලඇණිය විසින් මෙහෙයවනු ලබන සබ්මැරීන හතරෙන් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  

2014 දී රුසියාව නීතිවිරෝධී ලෙස ඈඳාගත් අර්ධද්වීපයක් වන මෙය ආරක්ෂා කරන S-400 ගුවන් ආරක්ෂක පද්ධති හතරක් ද මෙම ප්‍රහාරයෙන් විනාශ වූ බවයි  යුක්රේන හමුදාව සදහන් කර තිබෙන්නේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මේ අතර, යුක්රේන ඩ්‍රෝන යානා විසින් රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපලක් සහ තෙල් ගබඩාවක් ඉලක්ක කර ප්‍රහාර දියත් කර තිබෙනවා.

යුක්රේන නගරවලට මෑතක දී විනාශයක් සිදු කළ මාර්ගෝපදේශක බෝම්බ ගබඩා කර ඇති මොරොසොව්ස්ක් ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ