Wednesday, January 15, 2025

General line - 0115112241

බංගලාදේශ අර්බුදය කාන්තා ලෝක කුසලානයටත් බලපෑම් කරයි 




බංග්ලාදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය එරට පැවැත්වීමේ අවදානමක් මතුව තිබෙනවා.

බංග්ලාදේශයේ පවතින තත්ත්වය හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

කණ්ඩායම් දහයකින් සමන්විත ලෝක කුසලාන  කාන්තා තරඟාවලිය ඔක්තෝබර් 3 සිට 20 දක්වා පැවැත්වීමට නියමිත නමුත් Iඑක්සත් අරාබී එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් ත්‍රිත්වයෙන් එක් රටක තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ICC හි  අවධානය යොමුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව විසින්  ඔවුන්ගේ පුරවැසියන්ට බංග්ලාදේශ සංචාර සම්බන්ධයෙන්  නැවත දැනුම් දෙන තුරු බංග්ලාදේශයට යාමෙන් වළකින ලෙස  උපදෙස් නිකුත් කර ඇති  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව  තරඟාවලියක් පැවැත්විය හැකි වුවත්  ශ්‍රී ලංකාවේ ඔක්තෝම්බර් මාසයේදී වර්ෂා තර්ජනයක් පවතින අතර ඉන්දියාවේ පැවැත්වීමෙන්ස පාකිස්තාන කණ්ඩායමට ආරක්ෂාව සම්බන්දයෙන් ගැටළුවක් පවතී.

 මේ හේතුවෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ දී තරඟ පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර බංග්ලාදේශයේ පවතින තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශ ඒ කණ්ඩායම පකිස්ථානය බලා පිටත්ව යාම පැය 48කින් කල් දමා තිබෙනවා

ඒ  ඩකා ගුවන් තොටුපළ ඊයේ පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා වසා දැමීම හේතුවෙන්