Saturday, September 7, 2024

General line - 0115112241

හසීනා ගැන පුත්‍රයාගෙන් ප්‍රකාශයක්




හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ පුත් සජීබ් වසේඩ් ජෝයි තම මව සරණාගතභාවය සඳහා ඉල්ලුම් කර ඇති බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු පැවසුවේ ඇයට එවැනි කිසිදු අදහසක් නොමැති බවයි.

දේශපාලන තරාතිරම නොබලා බංග්ලාදේශයේ පිහිටි තම ගමේ නිවසට විශ්‍රාම යාමට සිය මව සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවා.

ANI පුවත් සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, Sajeeb Wazed Joy අවධාරණය කළේ තමා හෝ ඔහුගේ පවුලේ අය බලයට කෑදරකමක් නොමැති බවයි.

ඔවුන්ගේ මූලික අභිප්‍රේරණය බංග්ලාදේශයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම බව ද හසීනාගේ පුත්‍රයා පවසා තිබෙනවා.

සිය මව ඇගේ ජීවිතයේ වැඩි කාලයක් (බංග්ලාදේශයේ) ගත කර ඇති අතර, මෙම ධූර කාලය අවසානයේ ඇයගේ සැලසුම වූයේ ඇය දේශපාලනයේ සිටියත් නැතත් විශ්‍රාම ගොස් තම ගමේ පදිංචියට යාමයි. ඇයට ආපසු ගෙදර යාමට අවශ්‍යයි, ”ඔහු එහිදි පවසා තිබෙනවා.

ෂෙයික් හසීනාගේ නැවත දේශපාලනයට පැමිණීමේ සැලසුම් ගැන විමසූ විට, ප්‍රශ්නය ඇය වෙත යොමු කළ යුතු බව පවසමින් Wazed නිශ්චිත අදහස් දැක්වීමෙන් වැළකී සිටි බවයි වාර්තා වන්නේ.

විදේශගතව ජීවත්වීමේ හැකියාව තිබියදීත් තම මව බංග්ලාදේශයේ රැඳී සිටීමට තෝරාගෙන ඇත්තේ රටට ඇති දැඩි ආදරය නිසා බව ද හසීනාගේ පුත්‍රයා පවසා තිබෙනවා