Saturday, September 7, 2024

General line - 0115112241

ජන අප්‍රසාදය වැඩි වී ජපාන අගමැතිට පුටුව එපා වෙයි




ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ තමන් පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන්ද ඉවත් වීමට තීරණය කර ඇති බවයි. 

67 හැවිරිදි ෆුමියෝ කිෂිඩා, 2021 වසරේ සිට ජපානයේ අග්‍රාමාත්‍ය ධූරය හොබවනවා.

එහෙත් ඔහුගේ පාලනය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වී ඇත්තේ දැඩි විවේචනයක්.

ඒ, දූෂණ, වංචා, ජීවන වියදම ඉහළ යාම සහ ජපාන මුදල් ඒකකය පහත වැටීම යන කරුණු හේතුවෙන්.

ගතවූ දශකයකට වැඩි කාලයක් තුළ ජපානයේ වැඩිම අප්‍රසාදයට පත් වූ අපේක්ෂකයා ලෙසයි ෆුමියෝ කිෂිඩා සැලකෙන්නේ. 

මාධ්‍ය අමතමින් ඔහු පවසා ඇත්තේ ජාපානයට මෙන්ම පාලක ලිබරල් පක්ෂයටද නව ආරම්භයක් අවශ්‍ය බවයි. ජපාන ලිබරල් පක්ෂය 1955 සිට අඛණ්ඩව එරට බලයේ රැඳී සිටිනවා.