Wednesday, January 15, 2025

General line - 0115112241

ජනපති නාම යෝජනා පත්‍රවලට අත්සන් තබයි




එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා පත්‍රවලට අත්සන් තබා තිබෙනවා.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට සිදු වනවා.