Friday, October 25, 2024

General line - 0115112241

රාවණා ඇල්ල රක්ෂිත ප්‍රදේශයේ විශාල පරිසර විනාශයක් 

ජයන්ත වීරසේකර 




ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටා ඇති රාවණා දිය ඇල්ල නැරඹීමට  පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විසින් මෙම අතිශය සංවේදී පරිසර පද්ධතියට රිසිසේ කසල මුදා හැරීම නිසා විශාල පරිසර විනාශයක් සිදු වෙමින් පවතිනවා. 

දෙස් විදෙස් සංචාරකයන් ගේ ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලංකාවේ ඇති සුන්දර දිය ඇල්ල නැරඹීම සඳහා දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

මිට අමතරව රාවණා ඇල්ල අභය භූමියේ ශ්‍රී ලංකාවට ආවේණික සතුන්,පක්ෂීන් ඇතුළු විශාල වනසතුන් ප්‍රමාණයක් ජීවත් වන අතර මෙම කසල ආහාරයට ගැනීම නිසා එම වනසතුන් ගේ ජීවිතද අවදානමකට පත් වී ඇති බවයි වාර්තාකරු පවසන්නේ