Friday, October 25, 2024

General line - 0115112241

ගජ මුතු 03 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු STF අත්අඩංගුවට

ජුඩ් සමන්ත




ගජ මුතු 03 ක් අලවි කිරීමට සුදානම් වූ සැකකරුවන් තිදෙනෙකුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි 03 ක මුදලකට ගජ මුතු 03 ක් අලවි කිරීමට සුදානම් වන බවට වූ තොරතුරක් ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබී තිබු අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් උපාය දුතයෙකු යොදවා සැකකරුවන් පුත්තලම කලපු තීරයට ගෙන්වා ගෙන වැටලීම සිදු කර තිබුනා 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ පුත්තලමේ පදිංචිකරුවෙකු වෙනවා 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ ඔවුන් සතුව තිබී තම බාරයට ගත් ගජ මුතු වැඩිදුර විමර්ශණ සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පුත්තලම පොලීසියට බාර දී තිබෙනවා