Friday, October 25, 2024

General line - 0115112241

ජාතික ජනබලවේගයේ පළමු අයවැය ලේඛනයෙන් සහන රැසක් දෙන බව අනුර ගාල්ලේ දි කියයි 

ලලිත් චාමින්ද




ජාතික ජනබලවේගයේ  රජයක් යටතේ ඉදිපත් කරණු ලබන පළමු අයවැය ලේඛනය තුලින්ම  ආහාර, ඖෂධ වර්ග, සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා සැපයුම්, අධ්‍යාපන උපකරණ සදහා පනවා ඇති  එකතුකළ  අගය මත බද්ධ (වැට බද්ධ)   ඉවත් කිරිමට   කටයුතු කරණ බැව් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

පොහොසත් රටක්  ලස්සන ජීවිතයක්" උදාකරන නව පුනරුද මඟට රට හරවන අරමුණ යටතේ ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි පැවති ජනාධිපතිවරණ  මංගල ප්‍රචාරක රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී අනුර කුමාර දිසානායක පවසා සිටියේ මෙවැන්නක් 

" මේ ආණ්ඩුව ආහාර වලට වැට් ගහනවා. ආහාර වලට බදුගහන රටවල් ලෝකයේ අඩුයි. ආහාර සදහා දමා ඇති වැට් බද්ධ අයින් කරණවා. 

පළමු වැනි අයවැය ලේඛනයෙන්ම එක කරණවා.. 

ඖෂධවලට  සෞඛ්‍ය පරික්ෂණවලට බදුගහනවා. ලෙඩක් වෙන  එකත් රජයට ආදායමක් වෙලා තියෙනවා. 

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ සෞඛ්‍ය හා සෞඛ්‍ය සේවා සැපයුමේ  වැට් බද්ධ අයින් කරණවා. 

අධ්‍යාපනය ගතහොත් පොතක්,පෑනක්,අධ්‍යාපන උපකරණ ගතහොත් සියයට 18ක් රජයට බදු ගෙවන්න වෙනවා. 

දරුවා ඉගෙන ගන්නත් ආණ්ඩුවට බදු ගෙවන්න ඕන.  

මෙවා සාධාරණ නැහැ.ලෝකයේ ආහාර සෞඛ්‍ය අධ්‍යාපනයට බදුගහන්නේ නැහැ. 

අපේ රටේ බෙහෙතට හෙතට පරික්ෂණයට, ආහාරවලට අධ්‍යාපන උපකරණ වලට බදු ගහනවා. 

පළමු අයවැය ලේඛනයෙන්ම බදු අයින් කරනවා. ආණ්ඩුව  එන්නේ ජනතාව බලාගන්න මේ අය එන්නේ ඒ අය බලාගන්න.

දැන්  අපෙන් අසාවි බදු අයින් කළවිට අවශ්‍ය මුදල් හොයාගන්නේ කොහොමද කියලා  කෝටි 600ට වැඩියෙන් අරක්කු මුදලාලිලා තුන්දෙනා බදු ගෙවලා නැහැ. 

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ මෙම මත්පැන් සදහා  නොගෙවා ඉන්න බදු මුදල් ඉතා වේගයෙන්  අය කරගන්නවා. 

නැතිනම් නඩු දමනවා. බදු පනත වෙනස් කරණවා. 

අද බදු ගෙවන්නේ නැතිව මත්පැන් නිෂ්පාදකයින් නඩු දමනවා. 

අන්තිමට  නඩුවෙන් තින්දු වු විට  බදු මුදල ගෙවනවා. අපි කියනවා අද මේ බද්ධ ගෙවන්න ඕන කියලා. 

ඒ අය  නඩුවක් දැම්මොත් නඩුවෙන් තින්දු වෙලා එන බදු මුදල   අන්න ඒ මුදල  තින්දු වෙන දිනයට බදු මුදල ගෙවිය යුතු දවසේ සිට  පොලියක් අය කරණවා.  

ඒ නිසා අපි විශාල වශයෙන් නිති සංශෝධනය කරනවා.

රේගුව සුද්ද කරණවා.

කාර්යක්ෂම කරණවා. 

ආදායම් මාර්ග වැඩිකරණවා. 

අවුරුදු එකහමාරක් ඇතුලත රේගුවේ ආදායම  සියයට තිහකින් වැඩි කරන්න පුළුවන් කියලා  රේගු නිලධාරින් අපිට කියලා තියෙනවා.මේකේ ආදායම ඇමතිවරුන්ගේ   ගෙවල් වලට ගලාගෙන යනවා. 

ජාවාරම් කරුවන්ගේ ගෙවල් වලට ගලාගෙන යනවා. ඇමතිවරුන්ගේ හා ජවාරම්කරුවන්ගේ ගෙවල් වලට ගලාගෙන යන බද්ධ භාණ්ඩාගාරයට හරවනවා. 

අන්න ඒ අයුරින් තමයි අධ්‍යාපනයේ  බද්ධ අයින් කරන්නේ. සෞඛ්‍ය යේ බද්ධ අයින් කරනවා. 

මත්පැන් මුදලාලිලගේ බදු භාණ්ඩාගාරයට එනවා. 

ජනතාවගේ මුලික සේවාවන් සදහා අවශ්‍ය පහසුකම් දෙනවා.

අපේ විදුලි හා බලශක්ති සැලසුම 15 වැනිදා අපි ඉදිරිපත් කළා. 

ඒ අනුව ඉතා කෙටිකාලයක් තුල විදුලි බිල තුනෙන් දෙකකින් අඩුකරණවා. 

කෙරවලපිටිය බලාගාරයේ හා කැළණිතිස්ස බලාගාර පද්ධතියේ  එතන තියෙනවා මෙගාවොට් 1500ක ධාරිතාවයක්. 

එවා හදන්නේ ඩිසල් වලින් හා නැප්තා වලින්. 

ඩිසල් ලිටරයකින් හදන්න පුළුවන් යුනිට් තුනයි.  

මේ බලාගාර පද්ධතිය ස්වාභාවික ගෑස් වලට පරිවර්තනය කරන්න පුළුවන්

2015 ඉදන් මෙක ගෑස් වලින් හදන්න පුළුවන්කම තිබුනා. 

නමුත් මෙ ව්‍යාපෘතිය කරන්නේ නැහැ. පර්යන්තේ හදන්න ඕන.ගෑස් තියන නල පද්ධතිය හදන්න ඕන. 

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ මේ සදහා කොරියන් සමාගමක් අරන් ආවා. 

රනිල් වික්‍රමසිංහ ජපාන සමාගමක් අරන් ආවා. 

දෙන්නාගේ රණ්ඩුව පටන් ගත්තේ එතනින්. 

අන්තිමට දෙන්නාගේ රණ්ඩුව නිසා කොරියාවත් නැහැ.ජපානයත් නැහැ.  

අවුරුදු 15ක් තිස්සේ ඩිසල් වලින් රුපියල් 120ක් දිලා විදුලි ඒකකයක් හදනවා. 

එල්.එන්.ජි වලින්  රුපියල් 30ට හදන්න පුළුවන්. නැප්තා වලින් රුපියල් 70වට හදන එක එල්.එන්.ජි වලින්   රුපියල් 30ට හදන්න පුළුවන්.

 විදුලිබිල වැඩියෙන් ගෙවන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක නොවන නිසා. ජාතික ජනබලවෙගයේ රජයක් යටතේ කඩිනමින් මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරලා විදුලිබිල අඩු කිරිමේ සැලැස්ම හදනවා.
 
බොරතෙල් ගෙනවිත් පිරිපහදු කළහොත් තෙල් මිල සියයට 15කින්  අඩුකරන්න පුළුවන්. නමුත් අපේ පිරිපහදුවට වසර 55ක් වෙනවා. 

අද මෙම පිරිපහදුවෙන් ඩිසල් පිරිපහදුකරන්නේ සියයට තිහයි. ප්‍රෙට්‍රල් පිරිපහදුකරන්නේ සියයට 17යි. මෙම පිරිපහදුව හැදුවොත් තෙල් මිල සියයට 17කින්  අඩුකරන්න පුළුවන්. 

නමුත් මෙක හදන්නේ නැහැ.හැම තෙල් නැවකින්ම ගාන සාක්කුවට  එන නිසා. 

අපි වාහනයේ යතුරු පැදියේ තෙල් ටැංකියට වැඩි ගානක් දිලා තෙල් ගහනවා. ආණ්ඩුව තෙල් නැවක් එනවිට ගාන ගහනවා. අපිට තෙල් බිල අඩුකරන්න පුළුවන්.. 
 
සංචාරක, කර්මාන්ත, වැවිලිකර්මාන්තය දියුණු කරන්න අපනයන ආදායම හොයාගන්න  කටයුතු කරණවා. අප්‍රිකානු කලාපයේ  විශාල වෙළදපොළක් තියෙනවා.අපි ඉක්මනින් ගිහින් තානාපති කාර්යාල විවෘත කරන්න ඕන. 

තරුණ ජවය තියෙන ව්‍යාපාරික ඥානය තියෙන  කණ්ඩායමක් තානාපතිවරුන් හැටියට පත්කරණවා. අපේ රටේ ශක්තිමත් ජාත්‍යන්තරය සමග තරග වැදිමට සමත් කොන්ත්‍රාත්කරුවන් ඉන්නවා. 

ඒ සදහා රජය සහයෝගය ලබාදිය යුතුයි.තාක්ෂණය ප්‍රාග්ධනය ලබා දෙනවා. කර්මාන්ත කරුවෙකු ව්‍යයසායකයෙකු වෙන්න බැංකුවකින් ණයක් ගන්න දේපලක් උකස් කළ යුතු වෙනවා. 

දේපලක් ඇපයට නැතිව ණය ගන්න බැහැ. ඇප වලින් තොර ණය ලබාදෙන්න පුළුවන් සංවර්ධන බැංකුවක් අපි හදනවා. ඇපයේ තමයි  

එම ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති වාර්තාවක්. ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරලා පියවරෙන් පියවර මුදල් ලබාදෙනවා. 

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ තරුණයෙකුට ව්‍යවසායකයෙකු වෙන්න දේපල ඇපයකින් තොරව ණය ලබාදෙනවා. ප්‍රාග්ධනය, 

තාක්ෂණය හා වෙළදපොළ හොයලා දෙනවා. අපි ලෝකයේ වෙළදපොළෙන් පංගුවක් අත්පත් කරගතයුතුයි. දකුණු කොරියාව ලෝක වෙළදපොළෙන් ඩොලර් බිලියන  685ක පංගුවක්. 

අපි අත්පත් කරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 12ක පංගුවක්.නතරවෙලා තියෙන හිරකරලා තියෙන පිලි පැනලා තියෙන ආර්ථිකය නිසිපිල්ලට  දමලා  සිඝ්‍රගාම් ලෙස ඉදිරියට ගෙන යන ආර්ථිකයක්  බවට මෙම ආර්ථිකය පත්කරණවා.


පනින්නේ නිකන් නෙවෙයි.බාර් ලයිසන් දිලා, පෙට්‍රල් සෙඩ් ලයිසන් දිලා. අමාත්‍යධුර හා සල්ලි පොරොන්දු වෙලා. කෝටි ප්‍ර කෝටි ගණන්වලට තමයි මේ වැඩේ වෙන්නේ. 

මෙවා  නතර කරන්න ඕන. ජාතික ජනබලවේගය දේශපාලන පොර පිටිය ශුද්ධකරණවා. අපිට කිසිම අයෙකුගෙන් පලි ගන්න වුවමනාවක් නැහැ. 

අපිට අවශ්‍ය සාමකාම් මැතිවරණයක් හා සාමකාමි ජයග්‍රහණයක්. "