Friday, September 13, 2024

General line - 0115112241

අනුර කුමාර දිසානායක අටමස්ථානාධිපති හිමි හමුවෙයි




ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක තිබෙනවා.

එහිදී එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත් අතර මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර එදිනම පස්වරුවේ රුවන්වැලි මහා සෑ විහාරයේ අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගෙන තිබුනා .

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහ මහාචාර්ය සේන නානායක්කාරද සහභාගි විය.