Friday, October 25, 2024

General line - 0115112241

මරදානේ දුම්රිය පීලි පැනීමක් 




මරදාන දෙසට පැමිණි  ඉන්ධන දුම්රියක් මරදාන දුම්රිය ස්ථානයේ තුන්වෙනි වේදිකාවේදී පීලි පැන තිබෙනවා. 

අද උදෑසන හතරයි තිහට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ 

දුම්රිය කොලොන්නාව දෙසින් මරදාන දෙසට ගමන් කරන අතර තුරදී  දුම්රියේ ඉන්ධන ටැංකි සහිත කොටසේ රෝද ගැලවීමක් නිසා පීලි වලින් ඉවතට පැන ඇති බවත්  අනතුර සිදුවන අවස්ථාවේදී එම ටැංකි තුළ ඉන්ධන තිබී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදුව ඇති අතර මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි දුම්රිය  දෙපාර්තමේන්තුව පවසන්නේ.