Saturday, November 23, 2024

General line - 0115112241

මහමෝදර සහ හම්බන්තොට වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්




ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගාල්ල මහමෝදර සිට දඩැල්ල දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබුනා.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ කාවන්තිස්ස ආයතනයන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, ගාල්ල මහමෝදර සිට දඩැල්ල දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරයෙහී විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

එහි ජයාරූප කිහිපයක් පහතින්