Saturday, November 30, 2024

General line - 0115112241

පක්ෂ මාරු ක්‍රමය ස්ථිර වශයෙන්ම නවතන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්




රට තුළ සිදුකරන නිෂ්පාදනය වැඩි කරමින් තරගකාරී අපනයනයක් සිදුකල යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ තුළින් රටේ ආර්ථික තවදුරටත් ඉහළ නංවාගත හැකි බවයි කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.  


සමගි ජන බලවේග රජයක් යටතේ ස්ථිර වශයෙන්ම පක්ෂ මාරු ක්‍රමය නතර කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නාච්චදූව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ තම පක්ෂය වටා එක්ව සිටින කණ්ඩායම් පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කිරීමට කැමති කණ්ඩායම් බවයි.


සෑම දෙනාටම සමාන නීතියක් රට තුළ නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ පළමු වගකීම බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

බියගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රය පවා කඩා වැටීමට බලපෑ ප්‍රධානතම හේතුව රට තුළ පවතින නීතිය නිසි ආකාරව ක්‍රිියාත්මක නොවීම බවයි.


සංචාරකයින් මෙරටට ගෙන්වන නව ක්‍රමවේදයක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සංචාරකයින්ගේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන්කල යුතු බව හබරාදුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.