Saturday, November 30, 2024

General line - 0115112241

ඉන්ධන මිල අඩු වුනත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ - බස් සංගමයක් කියයි




ඉන්ධන මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඉන්ධන මිල සියයට 4කින් පමණ අඩුවිය යුතු බවයි.


මේ අතර ජනාධිපතිවරණයට අදාළව තම සංගමයේ බස් රථ දේශපාලන නියෝජිතයන්ට ලබාදීම සම්බන්ධයෙන් ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අදහස් පල කළා.