Saturday, November 30, 2024

General line - 0115112241

අනුරගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්




සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් වෙනප්පුව ප්‍රදේශයේ පැවැත්වූ දේශපාල රැළියකදී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බවයි.