Saturday, November 30, 2024

General line - 0115112241

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳී සිටින පුද්ගලයින්ට දැනුම්දීමක්




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳී සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ අද සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිදු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා ගැනිමට අවස්ථාව හිමි වනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස රැදි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ පොදු සමා කාලය තුළදි විසා නීත්‍යානුකුලව සකසා ගැනිමට හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙසයි.