Saturday, November 30, 2024

General line - 0115112241

ලිට්‍රෝ ගෑස් අඩු නොකළ හේතුව කියයි




මිල සූත්‍රයට අනුව මෙම මාසයේ දී ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා 

මිළ වෙනස් නොකිරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි වී ඇති බවත් 
පෙර ආනයනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බවයි 

මාසිකව ක්‍රියාත්මක කෙරෙන මිල සූත්‍රයට අනුව අවසන් වරට ගෑස් මිල සංශෝධනය කෙරුණේ, පසුගිය ජූලි මාසයේදීයි.

ඒ අනුව ජූලි මස සිට අලෙවි වූ මිල ගණන් යටතේ ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3690කටත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482කට අලෙවි කෙරෙනවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වනවා.