Saturday, November 30, 2024

General line - 0115112241

අනුරගෙන් දුප්පත්කම තුරන් කරන නව වැඩපිළිවෙලක්




ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නව අධ්‍යාපන වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

පාසල් තුළ ඇති ගුරුවරුන්ගේ හිඟය ද තම රජයක් යටතේ කඩිනමින් විසඳීමට බලාපොරොත්තු වන බවයි සමෘද්ධි සාමූහිකයේ ජාතික සමුලුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ. 

තම පාලන රජයක් යටතේ ශ්‍රී ලංකාව තුළ ගුවන් සහ නාවික සේවාවන් සපයන මධ්‍යස්ථාන දියුණු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජානධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ තුළින් සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවයි හබරාදුව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමන් මන්ත්‍රීවරයා පැවසුවේ.


දුප්පත්කමින් පෙලෙන ජනාතවට සහන සැපයීම සඳහා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ යෝජනා රැසක් අන්තර්ගත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වසර 02ක් තුළදී දුප්පතකමින් පෙලෙන සියලු ජනතාව මුදා ගන්නා බවයි නාච්චදූව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.