Saturday, November 30, 2024

General line - 0115112241

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම් දීමක් - ත්‍රීරෝද රථ ගාස්තු ගැනත් තීරණයක්




සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන එම සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බවයි.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරුණේ ජුලි මස 2 වනදායි.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සඳහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි. කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වන අතර කිලෝග්‍රෑම් 2යි දශම 3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස සඳහන් වනවා.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමුව ද ඊට සාපේක්ෂව බස් රථ ගාස්තු සහ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බවයි එම සංගම් පවසන්නේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඉන්ධන මිල සියයට 4කින් පමණ අඩුවිය යුතු බවයි.

එමෙන්ම වෘත්තීය ත්‍රීරෝද රථ සංගමයේ සභාපති රෝහණ පෙරේරා පැවසුවේ ඉන්ධන මිල පහළ දැමුව ද ඊට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තුව පහළ දැමීමට බලයක් තම සංගමයට නොමැති බවයි.

ඉන්ධන මිල ගණන් අඩුවීම සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.