Saturday, November 30, 2024

General line - 0115112241

බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර සුළු ගංවතුර අවධානමක් ගැන අනතුරු ඇඟවීමක්




බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල  පහත්බිම්වලට ඉදිරි පැය 24ක කාලය තුළ  සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බවයි  එම දෙපාර්තමේන්තුව සඳහන්  කර සිටියේ 

මේ හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත්  එම ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යට වීමේ අවධානමක් පවතින අතර ඒ හේතුවෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාරිග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.