Wednesday, January 15, 2025

General line - 0115112241

එංගලන්තය ගත් තීරණයට ඊශ්‍රායලය දැඩි කලකිරීමෙන් 




ගාසා තීරයේ උමගක් තුළ මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනාගේ සිද්ධියත් සමග එංගලන්තය ඊශ්‍රායලයට  පැහැදිලි අවදානමක් සහිත ආයුධ ලබා දීම නවතා දමා තිබෙනවා 

අදාළ ආයුධ ජාත්‍යන්තර නීතීය උල්ලංඝනය කිරීමට භාවිත කළ හැකි බැවින් බ්‍රිතාන්‍ය මෙම තීරණය ගෙන ඇති බවයි විදේශ ලේකම් ඩේවිඩ් ලැමි එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

තවද ඔහු පවසා ඇත්තේ  බ්‍රිතාන්‍ය විසින් ඊශ්‍රායලයට ලබාදී තිබූ ආයුධ අපනයන බලපත්‍ර 350න් 30ක් අත්හිටුවීමට තිරණය කර ඇති බවයි.

මෙම බලපත්‍ර අත්හිටුවීමට ගත් තීරණය තහනමකට හෝ ආයුධ සම්බාධකයකට සමාන නොවන බව පැවසූ ඔහු, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතියට එංගලන්තය අඛණ්ඩව සහාය දෙන බවද  පවසා තිබෙනවා.

ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා සඳහා වන අමතර කොටස් එම තහනමට ලක්වූ ආයුධ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන්  ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආයුධ අපනයන සම්බන්ධයෙන් ගත් තීරණය ඇතුළුව බ්‍රිතාන්‍ය රජය විසින් ගනු ලැබූ “තීරණ තම රට කලකිරීමට පත්ව ඇති” බවයි.