Wednesday, January 15, 2025

General line - 0115112241

තත්ත්වය උණුසුම් - රට අනතුරක බව යුක්‍රේනය කියයි.




තම රට අනතුරක ඇති බව යුක්‍රේනය පවසනවා.

ඒ, රුසියාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව මීට පෙර එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු යුක්‍රේනයේ බටහිර ප්‍රදේශයටද ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇති සංඛ්‍යාව 07ක්. ඒ අතරට දරුවන් තිදෙනෙකුද අයත්. 

රුසියාව මෙම ප්‍රහාරය එල්ල කළේ යුක්‍රේනයේ මධ්‍යම ප්‍රදේශය ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවයි.

එම ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 50කට අධිකයි.