අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලකදී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ 14 හැවිරිදි සිසුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
54 හැවිරිදි කොලින් ග්‍රේට් නමැති පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහුට විරුද්ධව චෝදනා අටක් එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සැකකරුගේ පුත්‍රයා වන කෝල්ට් ග්‍රේට් සිදුකළ වෙඩි තැබීමකින් එම පාසලේ සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් නව දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
එම වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී අදාළ පාසලේ ළමුන් 1,900ක්පමණ සිට තිබෙනවා.
වෙඩි ප්‍රහාර එල්ල කළ පාසල් සිසුවාද අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය සඳහා භාවිතා කරන ලදගිනි අවිය 2023 වර්ෂයේදී සැකකාර සිසුවාගේ පියා විසින් නත්තල් තෑග්ගක් ලෙස ලබා දී ඇති බවටද වාර්තා පළ වනවා.
මේ අතර මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ අමෙරිකාවේ පාසල් තුළ වෙඩි තැබීම් 45ක් සිදුව ඇතැයිද විදෙස් මාධ්‍ය අනාවරණ කළා.