Tuesday, September 17, 2024

General line - 0115112241

යාගි සුළි කුණාටුවෙන් චීන සංචාරක දූපතකට දැඩි බලපෑම්




යාගි සුළිකුණාටුවෙන් චීනයේ ජනප්‍රියම සංචාරක දූපතක් වන හයිනාත් දූපතට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පැයට කිලෝමීටර් 223ක වේගයකින් එම සුළිකුණාටුව හයිනාත් දූපතේ වෙන්චැං නගරයට කඩා වැදී ඇති බවයි.

සුළිකුණාටුවෙන් පුද්ගලයන් 46 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා.

යාගි සුළිකුණාටුව දූපතට කඩාවැදීමට පෙර පුද්ගලයන් ලක්‍ෂ 4ක් පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

එමෙන්ම යාගි සුළිකුණාටුව හයිනාත් දූපතට කඩාවැදීමට පෙර දුම්රිය, බෝට්ටු සහ ගුවන් ගමන් අත්හිටුවීමට සහ පාසල් වසා තැබීමට කටයුතු කළ බවයි.

එරට බලධාරීන් පවසන්නේ. 2014 වසරෙන් පසුව හයිනාත් දූපතට කඩා වැදුණු ප්‍රබල සුළිකුණාටුව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.