Thursday, November 14, 2024

General line - 0115112241

කඩදාසියක ලියු වැකියක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේ බස්සවයි 




ඉන්දියාවේ සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක්  තුර්කි ගුවන් තොටුපළකට  හදිසි ගොඩබැසීමක් සිදු කර තිබෙනවා 

ඒ මගීන් 234 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සමඟ මුම්බායි සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගමන් කළ  විස්තාරා ගුවන් සේවයට අයත් VTI027 ගුවන් යානයේ  කාර්ය මණ්ඩලයට කඩදාසි සටහනක් හමුවීමත් සමඟයි 

මෙම යානය  නැගෙනහිර තුර්කියේ අර්සුරුම් ගුවන් තොටුපළට හදිසි ගොඩබැසීමක් සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ගුවන් යානයේ  කාර්ය මණ්ඩලයට යානයේ බෝම්බයක් ඇති බවට එහි වැසිකිළියක අලවා තිබූ කඩදාසි සටහනක්  හමුවීමෙන් පසු ඉන්දියාවේ සහ තුර්කියේ ගුවන් බලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසුව  ගොඩබස්සවා යානයේ සිටි මගීන් ආරක්ෂිතව යානයෙන් ඉවත් කිරීමට යානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුනා.

අනතුරුව තුර්කියේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ ගෙන්වා යානය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර යානය තුල පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බව බෝම්බ නිෂ්ක්‍රීය අංශ දැනුම් දී තිබෙනවා.

පසුව විස්තාරා ගුවන් සමාගම වෙනත් ගුවන් යානයක් යොදා ගෙන තුර්කි ගුවන්තොටුපොළේ සිටි මගීන් නැවත ගමනාන්තය දක්වා රැගෙන ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.