නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.
මගීන් සහ ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා ඉන්ධන බවුසරයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි එරට ආපදා ඒජන්සිය පවසන්නේ.
එම ලොරි රථය හා ඉන්ධන බවුසරය ගැටීමත් සමඟ පිපිරීමක් සිදුව තිබෙනවා.
මාර්ගයේ ගමන් ගත් තවත් වාහන රැසක් ද එම පිපිරීමට හසුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ගවයින් රැසක් ද එහිදී මියගොස් තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට සහන කණ්ඩායම් යොමු කිරීමටයි එරට බලධාරින් කටයුතු කර ඇත්තේ.
අබලන් මාර්ග හේතුවෙන් නයිජීරියාවේ ඉන්ධන බවුසර් පිපිරීම් සහ අනතුරු බහුල වශයෙන් සිදුවන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.