Friday, November 29, 2024

General line - 0115112241

උසස් පොලිස් නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවයි




පළාත් භාර සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ, එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේ

මැතිවරණයේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි.

එමෙන්ම මැතිවරණයේ පසු ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ඔහු සඳහන් කළා.

මේ අතර පොලීසිය පැවසුවේ මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂ 36,000කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් ඉවත් කර ඇති බවයි.

නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට වැඩි ප්‍රමාණයක් ද පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා.

මේ දක්වා මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.