Friday, November 29, 2024

General line - 0115112241

ගීතාගේ රාජ්‍ය ඇමති ධූරය සීතාට




පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා ද පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

සීතා අරඹේපොළ මහත්මිය මෙම ධූරයට පත් කර ඇත්තේ ඇය විසින් දැනට දරන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවයි. 

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය මීට පෙර හොබවනු ලැබුවේ ගීතා කුමාරසිංහ මහත්මිය විසින්.

ඇය ඉකුත් දා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට එක් වුණා.