Thursday, November 28, 2024

General line - 0115112241

යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට




අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබුණා. 

මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. 

ජලය බැසයාම හේතුවෙන් A-9 මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු කළ හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.