Friday, November 29, 2024

General line - 0115112241

හිරුණිකාට අභියාචනාදිකරණයයෙන් නියෝගයක්

උදය කුමාර




අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවන මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි  අභියාචනාදිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද නියෝග කළා.

ඒ, ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදීයි. 

අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව අද කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල, නඩුකරය නැවත දෙසැම්බර් මස 04 වන දා කැඳවන ලෙස නියෝග කළා.

ඊට අමතරව නඩු දිනයේ වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ. 

පැමිල්ලිකරු කියා සිටින්නේ කාන්තාවකට පහර දුන් බව කිය සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම නියෝගය විවේචනය කරමින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ බවයි.