Friday, November 29, 2024

General line - 0115112241

ලැබෙන බලය රැක ගන්නා සැලැස්ම අනුර හෙළි කරයි




මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු තමන්ට හිමිවන බලය ආරක්‍ෂා කර ගනිමින් ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මාලිමාවට ලැබෙන බවයි.

අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්. 


රටේ ආර්ථිකය ක්ෂණිකව ගොඩනැගිය හැකි ක්ෂේත්‍ර 04ක් පිළිබඳවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා. ඊට එක් වන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතායි.