Friday, November 29, 2024

General line - 0115112241

ජනපති අපේක්‍ෂකයින් 38 දෙනාගෙන් සක්‍රීය 15යි




ජනාධිපතිවරණයට සක්‍රීයව දායකත්වය දක්වන්නේ ජනාධිපති අපේක්‍ෂකයින් 15 දෙනෙකු පමණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ සක්‍රීයව මැතිවරණ ව්‍යාපාරයේ සිටින අපේක්‍ෂකයින්ගේ පාර්ශවයෙන්ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදු වන බවයි.


මෙවර ජනාධිපතිවරණයේදීද සියයට 80 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් භාවිත වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

මේ අතර, 2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට තිබූ කාලය අදින් අවසන් වනවා.

ඒ අනුව අදින් පසු තැපැල් ඡන්ද ඉල්ලුම් කළ කිසිදු රාජ්‍ය සේවකයෙකුට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව හිමි නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.