Friday, November 29, 2024

General line - 0115112241

විදෙස් මැතිවරණ උසස් නිලධාරීන් 07ක් ජනපතිවරණ නිරීක්‍ෂණ කටයුතුවලට




ඉදිරි ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා විදෙස් රටවල් 06ක නියෝජිතයන් දිවයිනට පැමිණීමට එකඟතාව පළ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීන්ගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ විදෙස් රටවල් කිහිපයක නියෝජිතයින් 15 දෙනෙකුට පමණ ආරාධනා කළ බවයි.

කෙසේවෙතත් ඉන් රටවල් 06ක මැතිවරණ කොමිෂන් සභාවල සභාපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් 07 දෙනෙකු දිවයිනට පැමිණෙන බවට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව රුසියානු සහ මාලදිවයින යන රටවල මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරුන් දිවයිනට පැමිණෙන බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.

ඊට අමතරව නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ පිලිපීනය යන රටවල ඉහළ නිලධාරීන් පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන්ට පැමිණීම සඳහා ගුවන් ගමන් වියදම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දෙන්නේ නැහැ.

අදාළ නිලධාරීන්ට නවාතැන් පහසුකම් සහ අභ්‍යන්තර ගමන් වියදම් පමණක් මැතිවරණ කොමිෂන් සභාව විසින් සපයනු ලබනවා.

කෙසේවෙතත් ඉන්දියාව, පකිස්තානය, ඕස්ටේ්‍රලියාව සහ කොරියාව යන රටවල මැතිවරණ කොමිෂන් සභා ඉහළ නිලධාරීන් නොපැමිණෙන බවට දැනුම් දී ඇති බවයි එම උසස් නිලධාරියා කියා සිටියේ. 

මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ වෙනත් රාජකාරීන් කල් ඇතිව යොදගැනීම හේතුවෙන්. එම රටවල අදාළ නිලධාරීන් නොපැමිණෙන බවට දැනුම් දී තිබෙනවා.